Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th June 2018 11:30:39 Hours

මඩුල්ල මීපනාව උඩුපුස්සැල්ලාව ජල විදුලිබලාගාරය ආශ්‍රිත ඔයෙහි දිය නෑමට ගොස් අතුරුදහන් වු සෙබලා සෙවීමේ මෙහෙයුම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11සේමු බළප්‍රදේශයට අයත් මඩුල්ල මීපනාව උඩුපුස්සැල්ලාව ජල විදුලිබලාගාරය ආශ්‍රිත ඔයෙහි දිය නෑමට ගොස් සැඩපහරකට හසුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාවෙහි 24 ශ්‍රිලපාහ ඒකකයට අයත් සෙනියෙකු 2018.06.02 වන දින අතුරුදහන් වු අතර, ඔහු සොයා ශ්‍රි ලංකා නාවික හමුදාවේ විශේෂ කිමිදුම් අංශය හා ශ්‍රි ලංකා පොලිස් විශේෂ කිමිදුම් ඒකකය එම සෙනියා අතුරුදහන් වු දිනයේ සිට 2018.06.04 වන දින දහවල දක්වා මෙහෙයුම් දියත් කලද ඔහු සොයා ගැනිමට නොහැකිව මුදවා ගැනිමේ මෙහෙයුම නතර කරන ලදි.

මේ සිදුවිම සබැදිව යුද්ධ හමුදාධිපති තුමා විසින් 112 වන බලසේනාවේ බලසේනාධිපති තුමාන්හට දෙන ලද උපදෙස් පරිදි බලසේනාධිපති 3 වන බලඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරි හට තත් සෙනියා මුදවා ගැනිමේ ක්ෂණික මෙහෙයුමක් දියත් කරන ලෙස දුරකථන ඇමතුමක් මගින් උපදෙස් ලබා දෙන ලදි. ඒ අනුව ක්‍රියාත්මක වු 3 වන බලඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවෙහි සෙවිමේ හා මුදවා ගැනිමේ කණ්ඩයෙහි 02 x 10 කින් යුත් අපදා සහන කණ්ඩයක් එම ස්ථානයට ලගාවි මහත් පරිශ්‍රමයක් යොදා තම ජිවිත අවදානමද නොතකා ඔහු දිය නෑ ස්ථානයේ සිට සැඩපහරට හසුව මිටර් 350 ක් පමණ දුර ගසාගෙන ගොස් මඩෙහි රැදි තිබු ඔහුගේ සිරුර එදින 1330 පැයට පමණ සොයා ගන්නා ලදි.