Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th February 2022 21:18:22 Hours

බෝසත් දරු පරපුරක් අරමුණු කර “පුත්ථා වත්ථු මනුස්සානං” යන තේමාව යටතේ ධර්ම දේශණාවක් පැවැත්වීම

ඒ අනුව ආරක්‍ෂක සේනා මූලස්ථාන කඳවුර තුල හා අවට යුධ හමුදා කඳවුරු යටතේ රාජකාරි නියුතු උදාර රණවිරු නිලධාරීන්/නිලධාරිණීයන් සහ සියළුම සෙසුනිලයින්ගේ මානසික සුව සැනසිල්ල සඳහා කාලෝචිත මාතෘකාවක් යටතේ ධර්ම දේශණාවක්, ධර්ම සාකච්ඡාවක් පැවැත්වීම සඳහා වැඩමවාවදාල අති ගෞරවණීය “මධ්‍යම පළාත් ත්‍රිපිඨක ධර්ම හා භාවනා ගරු උපදේශක, ප්‍රවනෝදය පිරිවෙනේ නියෝජ්‍ය පිරිවෙනාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය ගම්පොල ඉන්දසිරි” ස්වාමීන් වහන්සේ සහ “මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත විශේෂඥ වෛද්‍ය වසන්ත මංජුල බංඩාර” වෛද්‍ය තුමාගේ අනුශාෂකත්වය මත වර්තමානයේ සීග්‍ර කාර්මීකරණයකට ලක්වී කිලිටි වී ඇති සමාජ තලයක යහපත් පුරවැසියෙක් ලෙස ජීවන ගමන ගෙනයෑම, සාර්ථක ගෘහ්‍ය ජීවිතයක් මෙන්ම යහපත් ස්වාමි දියණියක්/යහපත් ස්වාමිපුරුෂයෙක් ලෙස ජීවන ගමන ගෙනයාමට ඉවහල් වන පරිදි පවත්වන ලදී