Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th April 2025 16:42:26 Hours

බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ පස් හා ගල් පෙරලීම හේතුවෙන් දුම්රිය ගමනට ඇතිව තිබු බාධා ඉවත් කිරිම

2025.04.07 දින ඇදහැළුනු අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථානයන් අතර පස් හා ගල් පෙරලීම නිසා දුම්රිය ගමනා ගමනයට අවහිරවී තිබිණී.

ඒ අනුව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වෙතින් 112 පාබල බසේමු වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව 23 විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් 01 x 20 ක භඨ පිරිස් ප්‍රමාණයක් 2025.04.07 දින ප:ව 2000 පැයට පමණ එම ස්ථානය වෙත පැමිණ දුම්රිය මාර්ගයේ බාධක ඉවත් කිරිමට කටයුතු ආරම්භ කර 2025.04.08 දින උදෑසන 0556 පමණ වන විට දුම්රිය මාර්ගයේ පස් හා ගල් ඉවත් කරමින් දුම්රිය ධාවනය කිරිමට හැකිවන පරිදි යථාතත්වයට පත්කරන ලදි.