Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th June 2019 12:01:43 Hours

බණ්ඩාරවෙල මහා නගර සභාව වෙතින් නගර අලංකරණ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීම.

බණ්ඩාරවෙල මහා නගර සභා නගරාධිපති තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ බණ්ඩාරවෙල නගර අලංකාර කිරිමේ ශ්‍රමදානක් වැඩසටහන සෑම වර්ෂයේදිම ක්‍රියාවට නන්වනු අතර, මෙවරත් එම ශ්‍රමදාන වැඩසටහන 2019.06.29 වන දින 0800 පැයේ සිට 1400 පැය දක්වා සිදු කරන ලදි.

එම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව/පොලිසිය හා සියළුම රාජ්‍ය ආයතනයන්හි රාජකාරි ඉටුකරනු ලබන සේවක සේවිකාවන් මෙන්ම පාසල් දරුදැරියන් සහභාගිවු අතර, සංචාරක පුරවරයකට මුල්තැනක් වු බණ්ඩාරවෙල නගරයේ සුන්දරත්වය රැක ගැනීමේ අරමුණින් යුතුව එම වැඩසටහන සාර්ථක අයුරින් සිදු කරන ලදි.