Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th July 2018 10:14:42 Hours

බණ්ඩාරවෙල මහා නගර සභාව මගින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන

බණ්ඩාරවෙල මහා නගර සභාව මගින් සංවිධානය කරන ලද නගර අලංකරන හා ඩෙංගු මර්ධනය කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් බණ්ඩාරවෙල රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන එක්ව 2018.07.28 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා කාලය තුල පවත්වන ලදි.

තත් ශ්‍රමදාන වැඩසටහන සාර්ථක කර ගැනිම සදහා බණ්ඩාරවෙල මහා නගර සභාවේ නගරාධිපති තුමන් විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ භටපිරිස් සහභාගි කරවන ලදි.

එම ශ්‍රමදාන වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා මෙම මුලයේ හා යටතේ පාලනයවන ඒකකයන් වෙතින් 01x50 කින් යුත් භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි කරවන ලද අතර, තත් වැඩසටහන අවසානයේ බණ්ඩාරවෙල මහා නගර සභාවේ නගරාධිපති තුමන් විසින් යුද්ධ හමුදාධිපති තුමන් ඇතුළු ශ්‍රමදාන සදහා සහභාගි වු සියළු භඨපිරිස් හට තම ස්තූතිය පුද කරන ලදි.