Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th July 2018 13:59:10 Hours

බණ්ඩාරවෙල ඇල්ල කරඳගොල්ල මහා විද්‍යාලයේ සිසු/සිසුවියන් හට නායකත්ව වැඩමුළුවක් පැවැත්වීම

මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල ඇල්ල කරඳගොල්ල මහා විද්‍යාලයේ විදුහල්පති විසින් කරන ලද ඉල්ලීමකට අනුව අරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මග පෙන්විම යටතේ එම විද්‍යාලයේ ඉගනුම ලබන සිසු/සිසුවියන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් 2018.07.16 වන දින පවත්වන ලදී.

ඒ අනුව තත් වැඩමුඑව සඳහා එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු/සිසුවියන් 22 දෙදෙනෙකු පමණ සහභාගිවු අතර, එහිදි නායකත්වය පිළිබඳ ඉතා හරවත් දේශනයක් මෙම මූල සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව් එම් ආර් පී විජේසුන්දර ශ්‍රිලයුපුබ සහ සෙ/ 463054 ව/සැ කරවිට විඑඑන් විසින් පවත්වන ලදී. තවද, සිසු/සිසුවියන් සඳහා ශාරිරික අභ්‍යාස,සරඹ හා සහාමූහිකව වැඩකිරීම සැබැඳිව වැඩසටහන් මාලාවක් පැවැත් වු අතර, වැඩමුළුව අවසානයේ සහාභාගිවු සිසු/සිසුවියන් හට සහතිකපත් ද පිරිනමන ලදී.