Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th July 2021 09:39:48 Hours

බංඩාරවෙල හපුතලේ මාර්ගයේ 10 කනුව ස්ථානය සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්බන්ධීකරණයෙන් ස්වේච්ජා බලසේනා පුහුණු පාසලේ (දියතලාව) සේනාවිධායක තුමාගේ උපදෙස් අනුව 2021.06.25 දින බංඩාරවෙල හපුතලේ මාර්ගයේ 10 කනුව ස්ථානය සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදි.

මෙම වැඩසටහන සදහා ස්වේච්ජා බලසේනා පුහුණු පාසලේ (දියතලාව) 1 x 14 කින් යුත් භටපිරිසක් මේ සඳහා ශ්‍රමදායකත්වය ලබාදී ඇත. එම අවස්ථාවන්හීදී ලබා ගන්නා ලද ජායාරූප මේ සමඟ ඉදිරිපත් කරනු ලබන අතර, ඇවැසි ඉදිරි කටයුතු සිදු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.