Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th May 2022 18:00:30 Hours

බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති තුමන් හමුවේ

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හමුවීම සඳහා බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරන “Commodore MD Shafiul Bari (ND) psc BN Defence Adviser of Bangladesh High Commission” යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.05.09 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම ආඥාපති තුමන් හමුවීමට පැමිණෙන ලදී.

එහිදී දෙදෙනා අතර සුහද හමුවක් පැවැත්වු අතර, ආඥාපති තුමන් විසින් සුහදත්වය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් සංචාරයේ නිරත එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සමරු තිළිණයක් ප්‍රධානයක් සිදුකරන ලදී.