Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th February 2022 16:36:21 Hours

පොලිතින් උවදුරෙන් පරිසරයට සිදුවන හානිය මැඩපැවැත්වීම ක්‍රියාවට නංවමින් ශ්‍රමදාන වැඩසටහනක් සිදු කිරිම

74 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව පොලිතින් උවදුරෙන් පරිසරයට සිදුවන හානිය මැඩපැවැත්වීම ක්‍රියාවට නංවමින් ආරක්ෂක සේනා මධ්‍යම ස්ථානගත දියතලාව නගරය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන කටයුත්තක් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 2022.02.03 වන දින සිදුකරන ලදි.

ඒ අනුව දියතලාව නගර‍යේ සිට හපුතලේ වයි හන්දිය දක්වා මාර්ගය හා දියතලාව නගරය කෙන්ද්‍රකර ගනිමින් මෙම මූලය හා අවට ඒකකයන් හි රාජකාරි නියුතු නිලධාරි සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් එම කර්තව්‍ය සාර්ථකව සිදුකරන ලදි.