Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th February 2019 15:27:04 Hours

පොලිතින් උවදුරෙන් පරිසරයට සිදුවන හානිය මැඩපැවැත්වීම ක්‍රියාවට නංවමින් ශ්‍රමදාන වැඩසටහනක් සිදු කිරිම

පොලිතින් උවදුරෙන් පරිසරයට සිදුවන හානිය මැඩපැවැත්වීම ක්‍රියාවට නංවමින් ආරක්ෂක සේනා (මධ්‍යම) ස්ථානගත දියතලාව නගරය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන කටයුත්තක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 2019.02.08 වන දින 0800 පැයේ සිට 1300 පැය දක්වා සිදුකරන ලදි.

ඒ අනුව දියතලාව නගර‍යේ සිට හපුතලේ ‍Y හන්දිය දක්වා මාර්ගය හා දියතලාව නගරය කෙන්ද්‍රකර ගනිමින් මෙම ආරක්ෂක සේනා මධ්‍යමහි රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් 02x20 සහභාගිත්වයෙන් එම කර්තව්‍ය සාර්ථකව සිදුකරන ලදි.