Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th January 2020 15:52:21 Hours

පුහුණු අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙතින් ආරක්ෂනක සේනා මූලස්ථානය මධ්‍යම රාජකාරි නියතු නිලධාරින් හට වැඩමුළුවක් පැවැත්වීම

පුහුණු අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙතින් “TRAINING PROGRAMME FOR MIDDLE GRADE OFFICERS OF THE SRI LANKA ARMY” යන තේමාව යටතේ පුහුණු වැඩමුළුවක් මෙම ආසේමු යටතේ පාලනය වන සේනාංක, බළසේනා මූලස්ථාන, පුහුණු පාසල් සහ ඒකකයන්හි රාජකාරි නියතු මේජර් සහ ඉන් පහල නිලධාරින් හට 2020.01.06 දින සිට 2020.01.09 දින දක්වා 1 වන ගැමුණු හේවා බළඇණියේ දේශණ ශාලාවේදී සාර්ථක අයුරින් පවත් වන ලදී.

මෙම වැඩමුළුව සඳහා දේශක මඩුල්ල වශයෙන් Soft Skillz International ආයතනයේ අධ්‍යක්‍ෂිකා සුලක්ෂනා ප්‍රනාන්දු මහත්මිය සහ කපිතන් සුමේධ මිරිහාන (විශ්‍රාමික) සහභාගි වු අතර, එමගින් සන්නිවේදන නිපුනතා, කථන හැකියාව, ඉදිරිපත් කිරිමේ නිපුනතා, නායකත්ව නිපුනතා පෞරුෂත්වය වර්ධනය යන මාතෘකාවන් යටතේ ඉතා අගනා වැඩමුළුවක් පවත්වන ලදි. තවද, මෙම වැඩමුළුව සඳහා නිලධාරින් 25 දෙනෙකුගෙන් සමන් විත කණ්ඩායමක් සහභාගි වූහ.