Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th June 2019 17:14:18 Hours

පාසල් ළමුන් සඳහා ‌‌ ‌වෙඩිද්‍රව්‍ය පිලිබඳ වැඩමුළුක් පැවැත්වීම

රට තුල උත්ගතවී ඇති ගැටළුකාරී තත්වය හේතුවෙන් පාසල් සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‌වෙඩිද්‍රව්‍ය හඳුන්වාදීම පිළිබඳ මූලික දැනුමක් ලබාදීමට කටයුතු කරන ලෙස යුද්ධ හමුදාධිපති තුමන්ගේ පුර්ණ උපදෙස් මත ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත 11 වන සේනාංක සේනාංකාධිපතිගේ පුර්ණ අධීක‍්ෂනය යටතේ ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදි.

ඒ අනුව 2019.06.07 යන දිනයන්හිදි පාසැල් ළමුන්ගේ ආරක්ෂාව උදෙසා ගුරු භවතුන් හා දෙමාපියන්ගේ ඉල්ලීමකට අනුව 11 සේමුහි ප්‍රමානි 111 (ක්‍රියා) කපිතන් ආර් එම් අයි ඒ බන්ඩාර ශ්‍රිලංඉ නිළධාරි විසින් වෙඩිද්‍රව්‍ය පිළිබඳ මුලික දැනුවත් කිරිමේ වැඩසටහනක් මද්දුම බණ්ඩාර කනිටු විද්‍යාලයේදි පවත්වන අතර, ඒ තුලින් රටේ පවතින ආරක්ෂාව මෙන්ම සැකකටයුතු යමක් පිළිබඳ පෙරසුදානමෙන් යුතුව සිවිල් ජනතාව වශයෙන් ක්‍රියා කලයුතු ආකාරයන් මනාව පැහැදිලි කරන ලදි.