Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th May 2022 09:35:45 Hours

පාසල් පොත් සහා උපකරණ ලබාදීමේ වැඩසටහන

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති, මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධීකරනයෙන් හා මඟපෙන්වීම මත ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි අනුක් ප්‍රනාන්දු මහතාගේ අනුග්‍රාහකත්වයෙන් හපුතලේ ගෝනමටාව බ/චන්ද්‍රෙස්ගරන් දෙමල විද්‍යාලයේදී අඩු ආදයම්ලාභි දෙමාපියන්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනිම සඳහා පාසල් පොත් සහ පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් 2022.05.18 වන දින එම විද්‍යාල පරිශ්‍රයේදි පවත්වන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති, මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, විද්‍යාලයේ විදුහල්පති හා ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් මෙන්ම ආරක්‍ෂක ‍සේනා මූලස්ථානය (මධ්‍යම) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.