Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th April 2022 18:00:07 Hours

පාසල් උපකරණ සහ ක්‍රීඩා උපකරණ බෙදාදීම

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේඑස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීමකට අනුව 2022.04.30 වන දින හපුතලේ බෙරගල මොරකැටිය විද්‍යාලයේ අවම පහසුකම් මැද ඉගෙනුම ලබන දරු දැරියන්ගේ අධ්‍යන කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය පාසල් උපකරණ සහ සියළු පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් හා එක්දින ක්‍රීඩකයකු හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තීරකවරයෙකු වන රොෂාන් මහනාම මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහාකත්වය මත රොෂාන් විජේරාම පවුලේ පදනම විසින් දෙවන වරටත් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාල ශ්‍රවණාගාරයේදී ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්එස්සිකේ වනසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

තවද, පාසලකින් තවත් සහෝදර පාසලක දරුවන් වෙත අත දිය හැකි සහෝදරත්වයක් සහ මිත්‍රත්වයක් ගොඩනංවා ගැනීම වෙනුවෙන් ගුණ ධර්මයෙන් පෝෂීත දරු පිරිසක් සමාජගත කිරීම සඳහා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රාහකත්වය මත බෙරගල මොරකැටිය විද්‍යාලයේ දරුවන් සඳහා එදින දිවා ආහාරය පිළිගැන්වීමටද කටයුතු කළ අතර, එම ප්‍රජා සත්කාරයට අමතරව ක්‍රීඩාශීලී දරුවන් බිහිකිරීමේ අරමුණින් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම සඳහා සියළු ක්‍රිකට් ආම්පන්න වලින් සමන්විත හාඩ්බොල් ක්‍රිකට් කට්ටලයක් රොෂාන් මහනාම මහතා විසින් ලබාදීම සිදුකරන ලද බව දන්වා සිටිමි.