Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd January 2024 20:18:15 Hours

පාකිස්ථාන ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ලුතිනත් ජෙනරාල් හමූඩ් උස් සමාන් කාන් නිලධාරී තුමන් මහනුවර ප්‍රදේශයේ නිල සංචාරය.

සිව්වන පකිස්ථානු ශ්‍රිලංකා සන්නද්ධ හමුදා ආරක්‍ෂක සම්මන්ත්‍රණය සඳහා දින පහක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්ථානයේ ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ලුතිනත් ජෙනරාල් හමූඩ් උස් සමාන් කාන් (Lieutenant General (RTD) Hamood Uz Zaman Khan) ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් ‍ඓතිහාසික මහනුවර ප්‍රදේශයේ 2024.01.02 දින නිල සංචාරයක නිරත වන ලදි.

මහනුවර වෙත පැමිණි පාකිස්ථාන ආරක්‍ෂක ලේකම් තුමන් ඇතුළු රාජතාන්ත්‍රික දූත පිරිස ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති, ශ්‍රිලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, ශ්‍රි දළදා මාළිගාව වෙත ගොස් බස්නායක නිලමේ තුමන් වන නෙරන්ජන් දෑල බණ්ඩාර මැතිතුමා බැහැ දැක ශ්‍රි දළදා මාළිගාව වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගනිමින් පසුව පේරාදෙණීය මල්වත්ත, මහනුවර නැරඹුම් ස්ථානය (Kandy View Point) යන ස්ථානයන් නිරීක්‍ෂණ කර පල්ලෙකැලේ යුද්ධ හමුදාපති නිල නිවසේදී දිවා බෝජන සංග්‍රහයකට එක්වන ලදි.

පාකිස්ථානයේ ආරක්‍ෂක ලේකම් තුමන් ඇතුළු රාජතාන්ත්‍රික දූත පිරිස හා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් ඇතුළු නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිට සංචාරය නිමා කරන ලදි.

මෙම අවස්ථාව සදහා 11 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමන්, 111 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති තුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීවරුන් මෙන්ම නිලධාරින් පිරිසක් සහභාගි වන ලදි.