Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd February 2024 08:00:00 Hours

ප්‍රජා සත්කාරක වැඩසටහනක් සිදුකරන ලදී

ආරක්‍ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) කඳවුරු බල ප්‍රදේශයේ දියතලාව සිට වැලිමඩ දක්වා දිවෙන අතුරු මාර්ගයේ කළු අඔතැන්න ග්‍රාමයේ ගල්කොරිය අසල බෝක්කුවේ ගල් කැබලි හා අපද්‍රව්‍ය එකතු වී අවහිරවී ජලය මාර්ගය උඩින් ගමන් කිරීම හේතුවෙන් එම තාරපාර කාදනයට ලක්ව අබලන් තත්වයට පත්ව ඇත. ආරක්‍ෂක සේනා මුලස්ථානයේ (මධ්‍යම) භට පිරිසක් හා 64 ඉංජිනේරු බලඝනයේ JCB යන්ත්‍ර ආධාරයෙන් එම බෝක්කුව අවහිර වීම පිළිසකර කර කාණු පද්ධතිය තුලින් ජලය බැසයන සේ නැවත සකස් කරීමට කටයුතු කරන ලදි .