Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd April 2019 09:22:14 Hours

පල්ලේකැලේ විරුකැකුළු පෙර පාසලෙහි ඉගෙනුම ලබන දරු දැරියන්ගේ වාර්ෂික ක්‍රීඩා උත්සවය

යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාව මගින් පාලනය වන ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ ඇති පල්ලේකැලේ විරුකැකුළු පෙර පාසලෙහි ඉගෙනුම ලබන සිඟිති දරු දැරියන්ගේ වාර්ෂික ක්‍රීඩා උත්සවය සේවා වනිතා ශාඛාවේ පූර්ණ උපදෙස් මත 2019 මාර්තු මස 30 වන දින 1030 පැයට පල්ලේකැලේ විරුකැකුළු පෙර පාසලෙහිදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වන කමනි පලිහක්කාර මහත්මිය සහ පල්ලේකැලේ විරු කැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකාව වන අනුෂා නානායක්කාර මහත්මිය ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරීන් සහභාගී වන ලදී.

මෙහිදී එම පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ දෙමාපියන් විසින් තම දරු දැරියන්ගේ කුසලතා ඔප්නැංවීම වෙනුවෙන් තම කෘතඥතාවය එම පාසලේ ගුරු භවතුන් වෙත පුද කරන ලදි.