Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th June 2019 12:40:37 Hours

පල්ලෙකැලේ විරු කැකුලු පෙර පාසල් සිගිති දරුවන්ගේ පොසොන් දන්සල

පල්ලෙකැලේ විරු කැකුලු පෙර පාසල මගින් පොසොන් පොහෝ දිනයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් දන්සල මෙවරද 2019.06.18 වන දින 1000 පැයේ සිට 1130 පැය දක්වා උත්කර්ෂවත් අන්දමින් එම පෙර පාසල් භූමිය ඉදිරිපිටදී සිගිති දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ අතර, ඒ සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානායක්කාර ආර්ඩබ්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු එම සේනාංකයේ නිලධාරීන්/සෙසුනිලයින් රැසක්ද සහභාගී වන ලදී.