Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th August 2018 11:22:07 Hours

නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා ශ්‍රි දළදා පෙරහැර නිමාවෙන් පසු යුද්ධ හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ නැවත ගමන් කිරිම

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටා ඇති බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් බදු මහනුවර ශ්‍රි දළදා මලිගාවේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහා පෙරහැර 2018.08.26 වන දින දහවල් දිය කැපීමේ උත්සවයෙන් පසු නිමාවට පත් වු අතර, වාර්ෂිකව පවත්වනු ලබන මෙම පෙරහැර මංගලය ශ්‍රි දළදා මාලිගාවේ සධාතුක ධාතු කරඩුව වැඩම කරවීම සදහා සෙංකඩගල පුරවරයට රැගෙන එන ලද නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා නැවත 2018.08.28 වන දින 1030 පැයට ගම්පහ බලා ගමන් කිරිම ආරම්භ කරන ලදි.

ඒ අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ එම හස්ති රාජයාගේ ආරක්ෂාව සදහා 11 සේනාංකය යටතේ ස්ථානගත ඒකකයන් වෙතින් ශ්‍රි දළදා මාලිගාවේ සිට කඩුගන්නාව බිංගෙය දක්වා ගමන් කිරිමට 2 (සෙව්) ශ්‍රිලංසිරෙ හා ශ්‍රිලංරබ ඒකකයන් වෙතින් 01x08 ක භඨපිරිසක් යොදවන ලදි.