Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd August 2025 09:39:31 Hours

නවතමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද බුද්ධ මන්දිරය විවෘත කිරිම

122 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී ඩී ටී ඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ උදාරතර සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සහ 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච් ටී ඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ මඟපෙන්වීම මත නවතමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද බුද්ධ මන්දිරය 2025.08.17 වන දින විවෘත කරන ලදි.

තවද, 122 පාබල බලසේනා මුලස්ථානයේ සහ ඒ යටතේ පාලනය වන 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ සියලු නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සහ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝ නායක, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති හා භාරකාර, පානදුර කෙසෙල්වත්ත සිරි බෝධී චේතියාරාමය, පානදුර වලාන බෞද්ධාරාමය, කතරගම විහාර මහා දේවී විහාරය, කතරගම ආසිරි බෝ සෙවණ විහාරය යන පංච මහා විහාරාධිපති කතරගම ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති පුජ්‍යපාද කොඹවක ධම්මින්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පුර්ණ මුල්‍ය පරිත්‍යාගයෙන් අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද බුද්ධ බෝධි මන්දිරය 122 පාබල බලසේනා මූලස්ථානයේ සියළුම නිලධාරි සහ සෙසුනිලයින් හට වන්දනාමාන කිරිම සඳහා විවෘතවිය.