Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th March 2018 10:04:45 Hours

දෝව රජ මහා විහාරයේ සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් සිදු කිරිම

ආරක්ෂක සේනා මුලස්ථනය (මධ්‍යම) පස්වන සංවත්සරයට සමගාමිව මෙම බළප්‍රදේශයේ ඉතා මණරම් පුජනීය ස්ථානයක් වු දෝව රජ මහා විහාරයේ සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මඟපෙන්විම මත 2018 මාර්තු මස 06 වන දින 0830 පැයේ සිට 1230 පැය දක්වා යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් සිදුකරන කරන ලදි.

එම පුණ්‍යමය කටයුක්ත සඳහා ආසේමු (මධ්‍යම) රජකාරි නියුතු හමුදා සමාජිකයින් 02x15 දෙනෙකු සහාභාගි වු අතර, එම වැඩසටහන අවසානයේදි එම විහාරස්ථානයේ සංඝයාවහන්සේලා විසින් සියලුම අයවළුන් හට ආශිර්වාද පුද කරන ලදි.