Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th December 2018 23:02:50 Hours

දේශිය කෘෂිකර්මන්තය නංවාලීම සඳහා පැවති තරගාවලියට සහභාගිවීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් මධ්‍යම පලාත තුල ශක්තිමත් කෘෂි ආර්ථිකයක් ඇති කිරිමේ අරමුණු කර ගනිමින් පලාත් කෘෂිකර්ම දෙපර්තුමේන්තුව විසින් සංවිධානය කරන ලද "නගරයට උයන්වතු " තේමාව යටතේ කෘෂි වැඩසටහනක් පැවත්වු අතර, එහි ත්‍යාග ප්‍රධාන උත්සවය ගන්නෝරුව, පැළැටි හා ජාන සම්පත් මධ්‍යස්ථාන‍යේදි 2018 දෙසැම්බර් මස 04 වන දින පවත්වන ලදි.

ඒ අනුව 12 වන වරටත් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි එම සේනාංකයට අයත් ගොවිපලද මෙවර ඉදිරිපත් වු අතර, මහනුවර දිස්ත්‍රික්කය තුල රාඡ්‍ය, රාඡ්‍ය නොවන ආයතන හා පාසල් 1520 ක් අතුරින් ප්‍රථම ස්ථානයද, මධ්‍යම පලාත වෙනුවෙන් ඉදිරිපත් වු තරගකරුවන් 5117 ක් අතරින් පලාත් හා දිස්ත්‍රික්ක යන දෙයංශයේම ප්‍රථම ස්ථානය හිමිකර ගැනිමට 11 සේනාංක ගොවිපල සමත්විම කැපිපෙනුනු අතර, මෙවර එම තරගාවලියේ වැඩි ගෞරව 11 සේනාංකය වෙත අත්කර ගනිමින් මෙම තරගාවලිය නිමවන ලදි.