Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th June 2019 16:13:09 Hours

දුම්රිය ස්ථානයන් වෙත හා දුම්රිය මගීන් සඳහා ආරක්ෂාව සැපයීම

රටතුල උද්ගතව ඇති ආරක්ෂයක තත්වය මත දුම්රිය ස්ථානයන් වෙත හා දුම්රිය මගීන් සඳහා ආරක්ෂාව සැපයීම මුල් කර ගනිමින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ‌‌ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි ඔහිය සිට බදුල්ල දක්වා දුම්රිය ස්ථානයන්හී සේවයේ නිරත වන දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා දුම්රිය ස්ථාන හා දුම්රිය මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ වැඩමුළුවක් 2019.06.01 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම හී දී පවත්වන ලදී.

එහිදී සැකකටයුතු පුද්ගලයින් හඳුනා ගන්නා ආකාරය සැකකටයුතු පාර්සල් සම්බන්ඳව ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ ආරක්ෂක ක්‍රිමවේදයන් ගැන ප්‍රායෝගික හා න්‍යායාත්මක මූලික දැනුමක් දුම්රිය ස්ථානාධිපතිවරුන් 18 දෙනෙකු සඳහා ලබා දෙන ලදී.