Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th June 2019 16:27:25 Hours

දිළිඳු පවුල්වල දරුදැරියන් සඳහා පොත් පත් හා පාසල් උපකරණ ලබා දිම

ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ‌‌ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී ඩබ් ඩී කේ ජයතිලක යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත හම්බන්තොට අන්දරගස්යාය ප්‍රදේශයේ ජිවත්වන දිලිඳු පවුල්වල දරුදැරියන් උදෙසා දානපතියකු වන මේනක ජයවර්ධන මහතාගේ සහයෝගය ඇතුව එක් දරුවෙකුට රුපියල් දසදහසක වටිනා කමකින් යුත් පාසල් පොත්පත් හා උපකරණ ලබාදීම සිදුකරන ලදි.

ඒ අනුව එම කටයුත්ත 12 වන සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් 2019.06.16 වන දින හම්බන්තොට අන්දරගස්යාය ප්‍රාථමික විදුහල් භූමියේදී උත්සවාකාරයෙන් සිදුකරනු ලැබු අතර, ඒ සඳහා පාසල් ළමුන් 271 දෙනෙකු සහභාගි වන ලදි. එමෙන්ම අදාල උත්සව කටයුත්ත සඳහා සහභාගිවු දරුදැරියන් හට පෝෂදායී දිවා ආහාර වේලක් ලබා දීමෙන් පසු උත්සව කටයුත්ත නිමාවට පත්කරන ලදි.