Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd August 2019 19:26:59 Hours

දිළිඳු පවුල් සඳහා වියලි සලාක බෙදාදීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී ඩබ් ඩී කේ ජයතිලක යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත වීරහෙල ග්‍රාමසේවා වසමෙහි ජිවත්වන දිලිඳු පවුල් සඳහා වියලි මිරිස්, සීනි, මුංඇට, කඩල, තේකුඩු, පොල්, සහ පරිප්පු යන ආහාර වලින් සමන්විත වටිනා වියලි සලාක මළු දානපතියකු වන “කුරුණෑගල ශ්‍රී මුරුගන් ආයතනයේ කේ එස් කන්ඳරාජා” මහාතාගේ පරිත්‍යාගයෙන් ලබා දෙන ලදි.

ඒ අනුව එම උත්සවය 12 වන සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් 2019.08.22 වන දින හම්බන්තොට තිස්සමහාරාම ප්‍රදේශයේ වීරහෙල ප්‍රාථමික විද්‍යාලයේදී උත්සවාකාරයෙන් සිදුකරනු ලැබූ අතර, ඒ සඳහා දිලිඳු පවුල් 100ක් සහභාගිවුහ. එම උත්සව කටයුත්ත සඳහා 12 වන සේනාංකයේ රාජකාරි නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහා සෙසු නිලයින් කීපදෙනෙකු සහභාගිවුහ.