Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th February 2022 10:14:34 Hours

දිස්ත්‍රික් රෝහල හපුතලේ යුද්ධ හමුදාව එක්ව ප්‍රජාසත්කාර වැඩසටහනක් පැවැත්වීම

74 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) කඳවුර ස්ථාපිත ප්‍රදේශයට ආසන්නව පිහිටි හපුතලේ දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබාගන්නා රෝගින් වෙනුවෙන් දිවා ආහාර ලබා දීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 2022.02.04 වන දින පවත්වන ලදී.

තවද එම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රමා ‍බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලිව් එස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් දිවා ආහාර ලබාදුන් අතර, මෙම අවස්ථාව සඳහා ‍මෙම ආසේමු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.