07th April 2025 09:00:05 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් නලින් බණ්ඩාරනායක යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීමට අනුව 2025 අප්‍රේල් මස 07 වන දින දියතලාව විරු කැකුළු පෙර පාසලේ ආදරණිය දුවා දරුවන් වෙනුවෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිතිකොටගෙන සිඟිති අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදි
මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් හා එම මැතිණිය, ආඥාපති භකාස අණසක (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි, කර්නල් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිනියන්, මෙන්ම සෙසුනිළයින්, පෙර පාසල් ගුරුවරියන් දෙමාපියන් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදි.
ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් හා එම මැතිණිය පෙර පාසල් දුවා දරුවන් විසින් චාරිත්‍රනුකූලව පිළිගැනීමෙන් පසු උත්සව කටයුතු ආරම්භ කිරීම සදහා පළමුව කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදුකර සාම්ප්‍රදානුකූලව පොල්තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කරන ලදී. එම අවස්ථාව අලංකාරවත් කිරීම සඳහා පෙර පාසලේ දූවා දරුවන් විසින් විචිත්‍රවත් නැටුම් ඉදිරිපත් කිරීම, කඹ ඇදීම, අලියට ඇහැ තැබීම, කණාමුට්ටි බිදීම, බාධක දීවීම, බෝතයයට වතුර පිරවීම හා ගෝණි රේස් වැනි විවිධ විශේෂාංගයන් වලින් උත්සවය විචිත්‍රවත් කරන ලදී.