Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th December 2021 11:52:29 Hours

දියතලාව විරකැකුළු පෙර පාසලේ දුවා දරුවන්ගේ චිත්‍ර තරගාවලියක් පැවැත්වීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ආඥාපති මේජර් ‍ජෙනරාල් එම් කේ එස් ද සිල්වා ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් ගේ මග පෙන්වීමට අනුව දියතලාව විරුකැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා ගරු සරීතා ලංකාතිලක මැතිණියගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙන්ම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් දියතලාව විරුකැකුළු පෙර පාසලේ මෙන්ම දියතලාව අවට පෙර පාසල් 08ක ආදරණිය දුවා දරුවන්ගේ චිත්‍ර කලා හැකියාවන් ඇගයීම පිණිස පවත්වන ලද චිත්‍ර තරගාවලියේ ත්‍යාග සහ සහතික ප්‍රධානෝත්සවය 2021.12.19 වන දින 11.30 පැයට අති උත්කර්ෂවත් අයුරින් විරුකැකුළු පෙර පාසලේදි පවත්වන ලදි.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණීය, සුජිවා නෙල්සන් මැතිණීය ඇතුළු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් වන ජානකි ලියනගේ මැතිණිය, ශාමිණි කොටුවේගොඩ මැතිණිය සහ ධනුෂා සන්තුෂ්ණි වීරසූරිය යන ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගි වන ලදි.

මෙම චිත්‍ර තරගාවලිය වයස් කාණ්ඩ 02ක් යටතේ සිදු කරනු ලැබු අතර, ඒ සඳහා ළමුන් 72 නෙකු සහභාගි වු බැවින් ජයග්‍රහකයින් සඳහා ‍ෆොන්ටේරා සහ ප්‍රෝමේටි ආයතනයන්හි අනුග්‍රහයෙන් ත්‍යාග ,සහතිකපත් සහ කුසලාන පිරිනමන ලදි.