Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th September 2019 10:37:33 Hours

දියතලාව ආයුර්වේද මහ රෝහල් පරිශ්‍රය තුල ලිඳක් කැපීම සඳහා යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය ලබාදීම.

දියතලාව ආයුර්වේද මහ රෝහල තුල උග්‍රලෙස ජල හිඟයක් පැවතීම හේතුවෙන් එම ආයුර්වේද රෝහලේ 100කට වැඩි රෝගින් ප්‍රමාණයක් නේවාසිකව ප්‍රථිකාර ලබන බැව් හා බාහිර අංශ වලින් ප්‍රථිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගින් හට මෙම ජල හිඟය දැඩි ලෙස බලපා ඇති අතර, මේ සඳහා විසඳුමක් ලෙස රොහල් භුමි පරිශ්‍රය තුල ලිඳක් ස්ථාපිත කිරිමට රෝහල් මණ්ඩලය විසින් කටයුතු සුදානම් කර ඇති අතර, එම ස්ථානයේ මේවන විට එම ලිඳේ කැනිම් කටයුතු ආරම්බ කර ඇත.

අදාල වැඩසටහන සාර්ථක කිරිම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම ආසේමුහී රාජකාරි නියතු 01 x 08 කින් යුත් යුද්ධ හමුදා භඨපිරිස්ගේ ශ්‍රමදායකත්වය මේ සඳහා ලබාදෙන ලදි.