Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st February 2023 10:00:00 Hours

දහසක් භික්ෂූන් වහන්සේලා උදෙසා පැවැත්වු දානමය පිංකමක් සඳහා යුද්ධ හමුදාව වෙතින් දායකත්වය ලබා දෙන ලදි.

මැ‌ලේසියාව මහා කරුණා බෞද්ධ සංගමයේ ධානපතින්ගේ පුර් ණ අනුග්‍රහයෙන් යුතුව හා සමස්ථ ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සම්බන්ධතාවයෙන් යුතුව මුගුණුවල අනුරුද්ධ හිමියන්ගේ සම්බන්ධීකරනයෙන් දහසක් භික්ෂූන් වහන්සේලා උදෙසා දහවල් දානමය පිංකම සිදු කල අතර එම පිංකමේ කටයුතු සාර් ථක කරගැනීම උදෙසා ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් WRMM රත්නායක RWP RSP USP NDU ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර් ණ මඟ පෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙතින් 30’x80’ පැරබොලික් කූඩාරමක් ඇතුළු 1500 දෙනෙකුට දානය පිළියෙල කිරීම හා පිළිගැන්වීම සඳහා යුද්ධ හමුදා දායකත්වය ලබාදීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මෙම මූල ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර් නල් DRDK කොහොම්බන් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර් නල් JDUD කුමාර RSP ශ්‍රීලකාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදි.

ඒ අනුව එම අවස්ථාවන්හිදී ලබා ගන්නා ලද ඡායාරූප යුද්ධ හමුදා වෙබ් අඩවියේ, මුහුණු පොතේ සහ රණවිරුවා සඟරාවේ පලකර දීමට අවැසි ඉදිරි කටයුතු සිදු කර ‍දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.