Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd June 2024 08:00:00 Hours

තිස්සමහාරාම රජමහා විහාරයේ පොසොන් මහා පෙරහැර

තිස්සමහාරාම විහාරස්ථානයේ පොසොන් මහා පෙරහැර සහ පොසොන් උත්සවය මෙවර 124 වැනි වරටත් ඉතා විචිත්‍රවත් ලෙස පැවැත්විණි. අවශ්‍ය ඕනෑම සහයක් යුද්ධ හමුදා ප්‍රතිපත්තීන්ට අනුකූලව ලබා දෙන ලෙස යුධ හමුදාපතිවරයා විසින් 12 පාබල සේනාංකාධිපති හට උපදෙස් දෙන ලදී. 2024 ජූනි 15 සිට 2024 ජූනි 22 දක්වා 12 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් 'ස්ථූපය' වර්ණ ගැන්වීම, උත්සවයට පෙර සහ පසුව විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම, දන්සැලේ ආහාර පිළියෙළ කිරීම සඳහා සහාය වීම සහ සති පිරිත් දේශණය සඳහා වැඩම කල භික‍්ෂුන් වහන්සේට මුතුකුඩ එසලවීම සඳහා භඨ පිරිස් 18 දෙනෙකු ලබා දෙන ලදී. තවද යුද්ධ හමුදා වෙස් නැටුම් කණ්ඩායම පෙරහැරෙහි විචිත්‍රවත් නර්ථනයක් ඉදිරිපත් කරන ලදී.

12 පාබල සේනාංකයට විහාරාධිපති හිමියන් සහ ‘දායක සභාව’ විසින් ‘රන්දෝලි පෙරහර’ උත්සවයට සහභාගි වන ලෙස 12 පාබල සේනාංකාධිපති වෙත ආරාධනා කරන ලද අතර, ප්‍රධාන ඇතා මත තිබූ රන්සිවිගේහි ධාතූන් වහන්සේ සහිත ‘රන් කරඬුව’ තැන්පත් කරන ලදී.අනුශාසනාව අතරතුර තිස්සමහාරාම රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක හිමියෝ නාහිමිපාණන් වහන්සේ විසින් ප්‍රකාශ කර සිටියේ සාපේක්ෂ වශයෙන් මෙවර පොසොන් උත්සවය සඳහා යුද හමුදාවේ දායකත්වය ඉහළ මට්ටමක පැවති බවයි. තවද ඒ සඳහා ලබාදුන් සියලු සහය වෙනුවෙන් යුද හමුදාපතිවරයා වෙත විහාරාධිපති විසින් විශේෂ ස්තුතිය පුද කළහ.