Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th April 2018 09:46:22 Hours

තායිලන්ත භික්ෂුන් වහන්සේලා හා භික්ෂුණින් වහන්සේලාගේ ශ්‍රි ලංකා සංචාරය

අතිතයේ සිට ශ්‍රි ලංකාව හා තායිලන්තය අතර පැවති මිතුදම තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණ පෙරදැරිකර ගනිමින් තායිලන්ත භික්ෂුන් වහන්සේලා හා භික්ෂුණින් වහන්සේලාගේ ශ්‍රි ලංකා සංචාරයට සමඟාමිව මහනුවර ප්‍රදේශයේ සංචාරයක් 2018 අප්‍රේල් මස 02 සිට 04 වන දින දක්වා සිදු කරන ලදි.

ඒ අනුව තායිලන්ත භික්ෂුන් වහන්සේලා 47ක හා භික්ෂුණින් වහන්සේලා 05ක දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස 2018 අප්‍රේල් මස 02 වන දින කටුගස්තොට සිට කුණ්ඩසාලේ මහමේවුනා භාවනා අසපුව හා 2018 අප්‍රේල් මස 03 වන දින කුණ්ඩසාලේ මහමේවුනා භාවනා අසපුවේ සිට මහනුවර ශ්‍රි දළදා මාලිගාව දක්වා පාද චාරිකා කරන ලද අතර, එම අවස්ථාවේදි තැන්නේකුඹුර හන්දියේ සිට මාර්ගය දෙපස බෞද්ධ කොඩි වලින් අලංකරණය කර එම ස්ථානයේ සිට ඉතා අලංකාරවත් පෙරහැරකින් කුණ්ඩසාලේ මහමේවුනා භාවනා අසපුව භික්ෂුන් වහන්සේලා වැඩම කරවන ලදි. තවද 2018 අප්‍රේල් මස 04 වන දින තැන්නේකුඹුර ශ්‍රි සුදර්මාණාරාම විහාරස්ථානයෙදි එම භික්ෂුන් වහන්සේලා හට 11 වන සේනංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් රණවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ සහභාගීත්වයෙන් ගිලන් පස පුජාවක්ද සිදු කරන ලදි.