Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th January 2019 16:04:50 Hours

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහණට සමගාමීව පාසල් මට්ටමෙන් සිදු කරණු ලැබූ අත් පත්ත්‍රිකා බෙදාදීමේ වැඩටහන

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ් සිජිඑස්සි යන නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහණට සමගාමීව මෙම මුල බළප්‍රදේශයේ පාලණය වන සේමු/බසේමු/ඒකකයන් විසින් බළප්‍රදේශයේ සියළුම පාසල් ආවරණය වන පරිදි පොස්ටර් සහා අත් පත්ත්‍රිකා බෙදාදීමේ වැඩසටහන් මාලාවක් 2019.01.21 වන දින සිට 2019.01.25 වන දින දක්වා පවත්වන ලදි.

එමගින් පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයේදි අත්වන ගැටළුකාරි තත්වයන් පිළිබද බෙදා දෙනු ලබන පොස්ටර් හා අත් පත්ත්‍රිකා මගින් මනා අයුරින් පැහැදිලි කර දුන් අතර, සියළුම පාසල්හි ආචාර්ය මණ්ඩලයන් විසින් රටේ මල් කැකුළු මිලින නොවන්නට මාර්ග විවස්ථාවේ අඩිතාලම පහදාදුන් යුද්ධ හමුදාධිපති තුමන් හට මෙන්ම සියළුම යුධ හමුදා සාමාජිකයින් හට හෘද්‍යාංගම ස්තුතිය පුදකරන ලදි.