Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th February 2018 11:58:02 Hours

ජාත්‍යන්තර වෙසක් උළෙල සමරනු වස් ආසේමු(මධ්‍යම) විසින් වෙසක් කලාපයක් සංවිධානය කරයි

ශ්‍රි සමිබුදු තෙමගුල සිහිකරවමින් රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මෙම මූල ආඥාපති මේජර් ඡෙනරාල් පීයූඑස් විතානගේ ආර්එස්පී එන්ඩීයූ ජේෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම හා පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මූලය වෙතින් සංවිධානය කරන ලද වෙසක් කලාපය හා බැති ගී ප්‍රසංගය දියතලාව මුතුකුමරු ක්‍රිඩාංගනයේදී 2017 මැයි මස 10 වන දින සිට 14 දින දක්වා පවත්වන ලදී.

මෙම වෙසක් කලාපය වර්ණවත් කරවමින් මෙම මූලය හා අවට ඒකක/පුහුණු පාසල්, දියතලාව ගුවන් හමුදා කදවුර හා දියතලාව හමුදා නිවාඩු නිකේතනය යන ස්ථානයන් වෙතින් ඉතා දර්ශණීය අයුරින් සමිබුදු තෙමගුල සිහිකරවන වෙසක් කූඩු 16 කට අධික ප්‍රමාණයකින් දියතලාව මුතු කුමරැ ක්‍රිඩාංගණය වර්ණවත් කරන ලද අතර, ඒ අතුරින් පහත සදහන් පරිදි පළමු, දෙවන හා තෙවන ස්ථානයන් ලබා ගන්නා ලදී.

පලවන ස්ථානය - 17 ඉංඡිනේරැ සේවා රෙඡිමේන්තුව
දෙවන ස්ථානය - 7 ශ්‍රි ලංකා සංඥා බළකාය
තෙවන ස්ථානය - ස්වේචිඡා පුහුණු පාසල (දිය)

ජයග්‍රාහී නිර්මාණ සදහා ත්‍යාග ප්‍රධානය කිරීම ආඥාපති ඇතුලු පැමිණ සිටි සමිබාවනීය අමුත්තන්ගේ සුරතින් සිදුකල අතර, මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේඛමි නිමල් අබේසිරි මහතා පැමිණෙන ලදී. තවද, බැතිගී ප්‍රසංගය සදහා සහභාගී වූ පාසල් සිසු සිසුවියන් ඇගයීමට ලක්කරමින් ඔවුන් හට වටිනා සහතික පත්‍රයක් සහ ත්‍යාග ප්‍රධානයක්ද මෙහිදී සිදු කෙරැනු අතර, තත් වෙසක් කලාපය නැරඹීම සදහා පැමිණෙන බැතිමතුන් උදෙසා වෙසක් කලාපය පැවැත්වෙන දිනයන්හී කඩල හා මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.