Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd July 2022 10:30:40 Hours

ජනමාධ්‍ය සහ ජනමාධ්‍ය හැසිරවීම සැබැදිව දේශණයක් පැවැත්වීම

ජනමාධ්‍ය සහ ජනමාධ්‍ය හැසිරවීම සැබැදිව දේශණයක් 2022.07.02 වන දින 1030 පැයේ සිට 1300 පැය දක්වා දියතලාව ස්වෙච්ඡා බල පුහුණු පාසලේ දේශණ ශාලාවේදි පවත්වන ලදි.

ඒ සඳහා දේශක වශයෙන් යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගි වු අතර, එමගින් යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙතින් සිදුකරනු ලබන කාර්යයන් හා ජනමාධ්‍ය හැසිරවීම පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලදි. මෙම දේශණය සඳහා මෙම මුලය යටතේ පාලනය වන පුහුණු පාසල් සහ ඒකකයන්හී රාජකාරි නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් 30ක් පමණ හා සෙසුනිලයින් 200 ක පමණ පිරිසක් සහභාගි වුහ.