Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd July 2018 00:00:42 Hours

ජන ජිවිත සංහිදියාව සැබැදිව වත්මන් තත්වය විමසා බැලීමේ සාකච්ඡාව

ජාතින් අතර සම්බන්ධතාවය ගොඩනැගීම සහ පසුගිය කාලසීමාව තුල මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුකාරි තත්වයන් ඉදිරියේදී ඇති නොවිම සැබැදිව 2018.07.02 වන දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එන් යු එම් එම් සේනානායක ආර්ඩබිලිව්පි ආර්එස්පී විඑස්වි යුඑස්පී යුඑස්ඒසීජිඑස්සීගේ උපදෙස් හා මග පෙන්වීම මත ආරක්ෂක සේනා මුලස්තානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂඨ හා ආසේමු (කිලි) ආඥාපති මේජර් ජෙනරාල් ඒ ඩබ් එමි ඒ ඩබ් එන් රණවන ආර්ඩබිපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සී යන ජ්‍යේෂඨ නිලධාරි ඇතුළු ජ්‍යේෂඨ නිලධාරින් කිහිප දෙනෙකු "Kandy Grand Mosque" හිදී මුස්ලිමි ජනතාව නියෝජනය කරමින් ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයින්. වියාපාරික ප්‍රජාව, විද්වතුන් සහ අකුරන, ගලගෙදර. ගෙලිඔය, ගලහා, දෙල්තොට, ගම්පොල, නාවලපිටිය, දිගන, තැන්නේකුඹුර යන ප්‍රදේශයන් නියෝජනය කරමින් පැමිණි මුස්ලිමි ප්‍රභූවරුන් සමග සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වන ලදි.

තවද, ජාතින් අතර සහජිවනය නංවාලනු වස් පැවැති මෙම සාකච්ඡාවේදි මෙවැනි නොසන්සුන් තාවයන් ඇතිවීම වලක්වාලීම පිනිස සමස්ථ මුස්ලිමි ප්‍රජාව වෙතින් විවිධ යෝජනා ඉදිරිපත්කල අතර, ඒවා ක්‍රියාවේ යොදවා ජාතින් අතර සමගිය ගොඩනැගිම පිනිස යුධ හමුදාවේ පුර්ණ දායකන්වය අපේක්ෂ කරන ලදි. එසේම පැවැති නොසන්සුන්කාරි තත්වය ඉතාම කෙටිකාල පරිච්ජේදයක් තුල අවසන්කර සිදු විමට ගිය ජිවිත හා දේපල හානී අවම කර නැවත මුස්ලිම් ප්‍රජාවගේ සාමාන්‍ය ජනජීවය යථාතත්වයට පත් කිරිම සඳහා සමස්ථ යුධ හමුදාව විසින් සිදු කරනු ලද අනූපමය සේවය මුස්ලිමි ප්‍රජාව නියෝජනය කරමින් පැමිණ සිටි සියළු දෙනාගේ ඇගයීමට ලක්කරන ලදි. එමෙන්ම නොසන්සුන්කාරි තත්වය හමුවේ ව්‍යසනයට ලක්වු දේපල යතා තත්වයට පත්කිරිමේලා යුද හමුදාව විසින් සෘජුවම දැක්වු සහයෝගය සියළු මුස්ලිම් ප්‍රජාවගේ පැසසුමට ලක් වු අතර, එමගින් සමස්ථ යුධ හමුදාව වෙත ලැබු ගෞරවය අති මහත්ය. තවඳ මෙවැනි සිදු විම් ඉදිරියේදී සිදු නොවිමට අවශ්‍ය පියවර ගැනීම මෙම සාකච්ඡාවේ මුලික අරමුණ විය

එසේම ඇතිවි තිබු නොසන්සුන්කාරී තත්වය පාලනය කිරිම වස් සෘජුවම තම භඨපිරිස් සඳහා අණ දෙමින් කල සේවය සහ කැපකිරිම අගය කරමින් මෙම මුල ආඥාපති ඇතුළු පැමිණ සිටි අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරින් හට සමරු ඵලක පිළිගන්වන ලද අතර, සියළු කාර්යයන් සඳහා අණ හා උපදෙස් ලබාදෙමින් කටයුතු කල යුධ හමුදාධිපති තුමන් ඇතුළු සමස්ථ යුද්ධ හමුදාව වෙත මුස්ලිම් ප්‍රජාව ස්තුතිය පිරිනමන ලදී.