Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th February 2018 12:07:35 Hours

ඡාතික විරු අනුස්මරණ දිනය සමරයි.

ඡාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කොටගෙන බදුල්ල රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුමි උත්සවය 2017 මැයි මස 08 වන දින 0900 පැයේ සිට 1200 පැය දක්වා පවත්වන ලදී.

තත් උත්සවය සදහා ප්‍රධාන ආරාධිතයින් වශයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නීතීඥ එමිපී ඡයසිංහ මහතා හා මෙම මූල ආඥාපති මේඡර් ඡෙනරාල් පීයූඑස් විතානගේ ආර්එස්පී එන්ඩීයූ ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම යුධ හමුදා/නාවික හමුදා/ගුවන් හමුදාව සහ පොලිස් නිලධාරීන්ද සහභාගී විය.

මේ සදහා සහභාගී වූ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාඡිකයන් ඇතුලු සියලුම දෙනා විසින් යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් සමරු පුෂ්පෝහාර දැක්වීම සිදුකරන ලදී.