Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th September 2018 13:21:32 Hours

ගිණිසිළුව රැගත් චාරිකාව මහවැලි ක්‍රීඩා උළෙල - 2018

මහවැලි ක්‍රීඩා උළෙල 2018 ස්වයං පෝෂිත යුගයක් මහවැලි තාරුණයට අපමණ අගයක් එක් කරමින් 2018.09.15 සහ 16 යන දිනයන්හීදී අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මහවැලි ක්‍රීඩා උළලේ ගිණිසිළුව රැගත් චාරිකාව 2018.09.06 වන දින කොළඔ නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ කර 2018.09.14 වන දින 0700 පැයට මුතියංගන රජමහා විහාරයෙන් ගමනාන්තය අවසන් කරනු වස් ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා හා රාඡ්‍ය හා රාඡ්‍ය නොවන ආයතනයන් හි ප්‍රධානීන් මෙන්ම ත්‍රිවිධ හමුදා/පොලිස්/ සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මහවැලි ක්‍රීඩාංගනය වෙත ගමන් කරන ලදි.

එම සංචාරය සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත 112 බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් එම් ඩබ්ලිව් ඒ ඒ විජේසුරිය ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි යන ඡ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ 112 බසේමු වෙතින් 02x25 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි කරවන ලදි.