Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd July 2018 12:35:02 Hours

කොස් පුනරුදය ව්‍යපාරයේ නිර්මාතෘ ආතර් වී දියෙස් මැතිතුමා සිහිපත් කරමින් කොස් පැළ දස ලක්ෂයක් රෝපණය කිරිමේ වැඩසටහන

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි හපුතලේ කහත්තේවෙල පළමු ආදර්ශ ගම්මානයේදි කොස්පැල සිටුවිමේ සමාරම්භක උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අමරවීර අමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙන් නිළධාරින් පිරිසක් හා මෙම මුල ආඥාපති ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිළධාරි ඇතුළු ජ්‍යේෂ්ඨ නිළධාරින් කිහිප දෙනෙකු 2018.07.21 වන දින එම අවස්ථාව සදහා සහභාගිවන ලදි.

මෙම උත්සවය සදහා පැමිනි ගරු අමාත්‍ය තුමා ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ නිළධාරින් සාදරයේ පිළිගත් අතර, කොස්පැල දසදහසක් ඉදිරියේදී ක‍ඳවුර වටා රෝපනය කිරිමට නියමිත අතර, එය සනිටුහන් කිරිම වස් මෙම මුල ආඥාපති තුමා විසින් එම ස්ථානයේ කොස්පැලයක් රෝපණය කරන ලදි.