Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th August 2021 17:58:50 Hours

කොවිඩ් රෝගීන් 311 කට ප්‍රථිකාර සිදුකිරීම සඳහා බිඳුණුවැව යොවුන් සේනාංක මධ්‍යස්ථානය අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස සුදානම් කිරිම

යුධ හමුදා පති තුමාගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ මගපෙන්වීම යටතේ 112 වන බලසේනාවේ බලසේනාධිපතිගේ පූර්ණ අධීක්‍ෂණයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි නියුතු යුද්ධ හමුදා භඨපිරිස් හි සහභාගීත්වයෙන් යොවුන් සේනාංක මධ්‍යස්ථානය අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්තාපනය කරන ලදි.

මෙහි රෝගින් 311 දෙනෙකු සඳහා ප්‍රථිකාර කිරීමට පහසුකම් සපයා ඇත. මේ සඳහා අවශ්‍ය ඇඳන්, මෙට්ට, කොට්ට යුද හමුදාව විසින් සපයා ඇති අතර, මෙම ප්‍රථිකාර මධ්‍යස්ථානය 2021 අගෝස්තු 12 වන දින ආරක්‍ෂකසේනා ආඥාපති විසින් ‍සෞඛ්‍යය අංශය වෙත භාර දෙන ලදි. මෙම අවස්ථාවට යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට අමතරව සෞඛ්‍යය අංශ නිලධාරින්හුද සහභාගී වුහ.