Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd October 2023 08:30:00 Hours

ක්‍ෂණික ක්‍රියාන්විත යතුරුපැදි සඳහා පුහුණූ පාඨමාලාවක් පවත්වන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව මෙම මූලයේ හා මෙම මූලය යටතේ පාලනය වන පාබල සේමු, පාබල බසේමු හී තිස් පස් දෙනෙකුගෙන් යුත් ක්‍ෂණික ක්‍රියාන්විත යතුරුපැදි කණ්ඩයක් සඳහා දින 14 ක පුහුණූ පාඨමාලාවක් 2023.09.18 දින ආරම්භ කල අතර පාඨමාලාව අවසානයේ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.10.03 වන දින සිදුකරන ලදි.

ධාවන පැදි පැදීමේ කුසලතා, ශිල්පීය ක්‍රම සහ උපක්‍රම පුහුණු කර වැඩි දියුණු කිරිම. අභ්‍යන්තර ආරක්‍ෂක රාඡකාරි තත්ත්වය තුල ඉක්මන් ප්‍රතික්‍රියා දැක්විමේ හැකියාව වැඩි දියුණු කිරිම සහ ඉක්මන් ප්‍රතික්‍රියා දැක්විම සදහා මුලික සටන් කුසලතා වැඩිදියුණු කිරිම යන කරුණූ මුල්කරගෙන පාඨමාලාව සිදු කරන ලද අතර එම පාඨමාලව විශේෂ බලකා ප්‍රවීණ පුහුණූ උපදේශකයන් පිරිසක් විසින් මෙහෙයවන ලදි. පාඨමාලා කාල සීමාව තුල ඔවුන් ලබා ගන්නා ලද පුහුණූව හා දැනුම ප්‍රායෝගිකව ආඥාපති තුමන් ඉදිරියේදී ඉදිරිපත් කරන ලද අතර ඉන් අනතුරුව ආඥාපති තුමන් විසින් සහතික පත්‍ර ප්‍රධානෝත්සවය සිදු කිරීමෙන් පසු පාඨමාලව නිම කරන ලද භඨ පිරිස් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගී වන ලදි.