Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd June 2024 08:00:00 Hours

කතරගම ඇසල උත්සවය සඳහා මුලික සාකච්ඡාවක් පැවැත්විම

කතරගම ඇසල උත්සවය යනු දකුණු පළාතේ ප්‍රධාන ආගමික හා සංස්කෘතික වාර්ෂික උත්සවය වන අතර එය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් විශාල බැතිමතුන් ප්‍රමාණයක් සහභාගි වේ. මෙම කාලසිමාව තුල කතරගම පාද යාත්‍රාව,දේවාල පෙරහැර,බැතිමතුන් සඳහා දන්සල් සහ සති පිරිත් දේශනාව වැනි විශේෂ අංගයන් සිදු කරනු ලබන අතර, මෙම උත්සවය 2024 ජුලි 2 වන දින ආරම්භ වන අතර එය ජුලි 22 වන දිනෙන් අවසන් වේ.

කතරගම ඇසල උත්සවය සඳහා සහභාගි විමට යාල වනාන්තරය හරහා පැමිණෙන බැතිමතුන් හට ආරක්‍ෂාව සහතික කිරිම, පෙරහැර සඳහා ආරක්‍ෂාව සැලසීම,සති පිරිත් වැඩසටහන සහ දන්සල් සඳහා යුද හමුදා භඨ පිරිස් හී දායකත්වය ලබා දෙනු ලබන අතර, මෙම සාකච්ඡාව සඳහා මොණරාගල දිස්ත්‍රික් ලේකම්,කතරගම දේවාලයේ බස්නායක නිලමේ සහ 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහභාගී වන ලදි. පැමිණි සිටි පිරිස පංචසිලයේ පිහිටවනු ලැබුවේ කිරිවෙහෙර විහාරාධිපති ස්වාමින් වහන්සේ විසිනි.තවද, ත්‍රිවිද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්,පොලිස් නිලධාරින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනයන් හී නියෝජිතයින් මෙන්ම මාධ්‍යවේදීන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි විය.