Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st October 2023 10:30:11 Hours

උසස් තත්වයේ භඨ කාර්ය සම්පාදන ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා වැඩමුළුවක් පවත්වන ලදී

උසස් තත්වයේ භඨ කාර්ය සම්පාදන ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා ඒ හා සම්බන්ධ භකාස විෂය සබැඳිව රාජකාරි සිදු කරනු ලබන නිලධාරීන් හට දැනුමක් ලබා දීම අරමුණූ කර ගනිමින් වැඩමුළුවක් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.10.16 දින ආරම්භ කල අතර පාඨමාලාව අවසානයේ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය 2023.10.21 වන දින ඉදිරි නඩත්තු පෙදෙස (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩී ඒම් පී පී දසනායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

භකාස අණසක අධීක්‍ෂණය යටතේ අසේමු (ම) බලප්‍රදේශය යටතේ ඇති ඒකක දෙවන අණදෙන නිලධාරීන්, මානි 11 (පාලන/භකාස) හා මේජර් (පාලන/භකාස) යන නිලධාරීන් පහලොස් දෙනෙකු සඳහා මෙම වැඩමුළුව පවත්වන ලදි.