Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th March 2018 16:03:54 Hours

උඩවැඩියා මල් ව්‍යාපෘති ආරම්භ කිරිම සැබැදි දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදාධිපතිගේ හා ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් මත 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ‍ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම මත උඩවැඩියා මල් ව්‍යාපෘති ආරම්භ කිරිම සැබැදි දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018.02.25 වන දින මහනුවර උඩරට පලත් කාලා සංගම් ශාලාවේදි පවත්වන ලදි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය හා ඒ අවට ජීවත්වන යුද්ධ හමුදා සේවයේ යෙදි සිටින හා විශ්‍රාමික නිලධාරි/සෙසුනිලයින් මෙන්ම මියගිය රණවිරුවන්ගේ භාර්යාවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා මෙම වැඩසටහන පැවැත්වු අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු නිලුකා ඒකනායක මැතිනිය සහභාගිවන ලදි. තත් වැඩසටහනේ උඩවැඩියා මල් පිළිබඳ දේශණය චම්පිකා සුදසිංහ මහත්මිය විසින්ද, මූල්‍ය සහාය ප්‍රාදේශිය සංවර්ධන බැංකුව විසින්ද මල්වගාව සඳහා යෙදිය යුතු පොහොර පිළිබඳව යුනිපවර් සමාගම විසින්ද ඉතා හරවත් දේශණයන් කිහිපයක් පවත්වන ලදි. තවද මෙම වැඩමුලුව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම ඔකිඩ් වගාව සඳහා උනන්දුවක් දක්වන සිවිල් වැසියන් 480 ක් පමණ සහභාගිවන ලදි.