Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th June 2019 19:23:45 Hours

ඉන්දියානු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ මහනුවර සංචාරය

ඉන්දියානු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ශ්‍රි ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අතර, ඔවුන් 2019.06.16 වන දින 1330 පැයට පමණ මහනුවර නගරය වෙත ලගා වීමෙන් පසු 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානායක්කාර ආර්ඩබ්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එම දූත පිරිස පිළිගැනීමෙන් අනතුරුව පේරාදෙණිය තානායම වෙතින් දිවා ආහාරය ලබා ගන්නා ලදී. තවද, තත් දූත පිරිස එදින 1430 පැයට පමණ 111 බසේමු බළසේනාංකාධීපති කර්නල් ඩබ්බීඩබ්එමආර්එස්ටී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සමග මහනුවර ශ්‍රි දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් පසු එදින 1630 පැයට පමණ මහනුවර සංචාරය නිමාකර පිටත්ව යන ලදී.