Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th November 2018 20:23:06 Hours

ඉන්දිය ත්‍රිවිධ හමුදාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මහනුවර සංචාරය

ආරක්ෂක සේවා අණ හා මණ්ඩලික විද්‍යාලයෙහි වැඩමුලුවක් පැවත්විම සදහා මෙරටට පැමිණෙන ලද ඉන්දිය ත්‍රිවිධ හමුදාවට අයත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් පිරිසක් මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් මහනුවර ශ්‍රි දළදා මළිගාව වැදපුදා ගැනිම සදහා 2018.11.11 වන දින 11 සේනාංක බළප්‍රදේශයට පැමිණෙන ලදි.

මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 11 සේනාංකයේ සේනාංකාධිපතිගේ අධික්ෂණය යටතේ එම සේනංකයෙහි රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මහනුවර ප්‍රදේශයට පැමිණෙන ලද ඉන්දිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්ව ඉතා උණුසුමිව පිලිගන්නා ලදි.

තවද, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් මහනුවර (GRAND KANDIYAN HOTEL) හිදි දිවා ආහාරය ලබා ගැනිමෙන් පසු ශ්‍රී දළදා මළිගාව වැදපුදා ගන්නා ලද අතර, ඉන් අනතුරුව එදින 1530 පැයට පමණ නික්ම යන ලදි.