Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th February 2022 14:35:10 Hours

ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ආඥාපති තුමාගේ සම්බන්ධීකරණයෙන් හා මඟ පෙන්වීම මත ඇමරිකාවේ පදිංචි සුදත් ජයසේන මහතාගේ අනුග්‍රාහකත්වයෙන් මෙම මූලස්ථාන කඳවුර අවට ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් හී ඇස් පෙනීම දුර්වල වැඩිහිටි දෙමාපියන් 175 දෙනෙකු වෙත සහ ආසේමු යටතේ රාජකාරි නියුතු සිවිල් සේවක මහත්ම/මහත්මීන් 25 දෙනෙකු වෙත ඇස් කන්ණාඩි 200 ක් බෙදාදීමේ වැඩසටහනක් 2022.02.07 වන දියතලාව යුධ හමුදා “මුතු කුමරු” ක්‍රීඩාංගනයේදී ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි

තවද, මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, ‍බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලිව් එස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.