Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th October 2019 15:38:47 Hours

ඇල්ල ජල පෝෂක ප්‍රදේශයට නව ජිවයක් ලබා දෙමින් යුද්ධ හමුදා සහගොය මත හා කොළඹ විශ්ව විද්‍යාල විද්‍යා අංශයේ සිසු සිසුවියන්ගේ සහභගිත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් සිදු කිරිම

ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඇල්ල ප්‍රදේශයේ පසුදින වල ඇති වු ලැව් ගිණි හේතුවෙන් විනාශයට පත්වු ජල පෝෂක ප්‍රදේශයට නව අරුත්තක් ලබාදීමේ අරමුණින් යුතුව 2019 ඔක්තොමබර් මස 03 වන දින 0800 පැයේ සිට 1700 පැය දක්වා කාලය තුළ ඌව කරඳගොල්ල ග්‍රාමයේ රුක් රෝපණ වැඩසටහනක් කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ සිසු සිසුවියන්ගේ සහභගිත්වයෙන් හා මෙම ආසේමු හි රාජකාරියේ නියතු එක් නිලධාරියෙකු හා සෙසුනිලයින් දසදෙනෙකුගේ සහභිගිතව‍යෙන් සාර්ථකව පවත්වන ලදි. තවද, මෙම අවස්ථාව සදහා මෙම ආසේමු ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමා සහභාගි වු අතර, එතුමා විසින් එම ස්ථානයේ කොස්පැලයක්ද රෝපණය කරන ලදි.