Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 15:34:26 Hours

ආසේමු(මධ්‍යම) ආඥාපති 12 වන සේනාංකයේ ප්‍රථම නිරික්ෂණ සංචාරයේ නිරත වෙයි

මෙම මූල ආඥාපති මේඡර් ඡෙනරල් එමි කේ ඩී පෙරේරා ආර්ඩබිලිවිපී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් ආඥාපති ලෙස රාඡකාරී භාරගැනීමෙන් පසු 12 වන සේනාංකය වෙත සිය ප්‍රථම සංචාරය 2017 ඡුනි මස 27 වන දින සිදුකරන ලදී

මෙහිදී නව ආඥාපති වෙත 9 ශ්‍රීලංසිරෙ භඨපිරිස් කදවුරු මුරයක් පිරිනැමීමෙන් පසු ආඥාපති විසින් භඨපිරිස් ඇමතීමක්ද සිදුකරන ලදී. මෙම උත්කර්ෂවත් මොහොත සදහා 12 සේමු සේනාංකාධිපති හා 121, 122 බසේමුහි බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් මෙන්ම එම සේනාංකය හා බසේමු/ඒකක නියෝඡනය කරමින් 48 x 440 ක භඨපිරිසක් සහභාගී වන ලදී. ඉන් අනතුරුව ආඥාපති වෙත සියලු නිලයින් විසින් තේපැන් සංග්‍රහයක් පිළියෙල කල අතර, මෙම සංචාරය සනිටුහන් කිරීම වස් අමුත්තන්ගේ සමරු පොතෙහි ආඥාපති විසින් සටහන් තැබීමක්ද සිදුකරන ලදී

තවද, එදිනම ආඥාපති 121 හා 122 බළසේනා මූලස්ථානයන් වෙත සංචාරය කල අතර, එම බසේමුහි නිලධාරීන් ඇමතීමෙන් අනතුරුව එම සංචාරය සනිටුහන් කිරීම වස් සමරු පොත්හි සටහන් තැබීමක්ද සිදුකරන ලදී