Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th December 2019 11:50:37 Hours

ආසේමු මධ්‍යම ප්‍රධාන ශාඛාවේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුර භාරගැනිම

ආරක්ෂක සේනා (මධ්‍යම) හි ප්‍රධාන ශාඛාවේ නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුර වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් කේ ආර් කේ කේ ටි බණ්ඩාර ආර්එස්පි යුඑස්පි (නි/61255) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 දෙසැම්බර් මස 27 වන දින පෙරවරුවේ සුභමොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 1988.02.22 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැඳී ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සමිභාරයක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සදහා ප්‍රධාන ශාඛාවේ සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සියළුම ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිලයන් විසින් නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.